භාෂාව යනු රටක ජනතාවකගේ අනන්‍යතාවන් පිළිබඳව නිරවුල්
අවභෝධයක් ලබා ගත හැකි ප්‍රධානතම සන්නිවේදන අංගයයි. එය ලෝකයේ බෝහෝ රටවල වෙන්වෙන්
වශයෙන් භාවිතා වන අතර එකම රටක පවා විවිධ
ප්‍රදේශයන් අශ්‍රිතවද වෙනස් කම් සහිතව භාවිතා වේ.
ඒ අනුව දවසේ විවිධ කාලයන් සඳහා විවිධ පලාත් වල භාවිතා වන
ප්‍රාදේශීය ව්‍යවහාරයන් මෙසේය
බොහෝ වෙලාවට දැන් අපි භාවිතා කරන්නෙ ‘‘උදේ,උදෑසන‘‘ යන
වදන්. එහෙත් දකුණු පලාතේ දුෂ්කර ගම්මාන වල උදෑසන සඳහා ‘‘කළු කපා එළිය‘‘ යන්න භාවිතා
වේ. සතර කෝරලයේ ඇතැම් ප්‍රදේශ වල ‘‘කලුව‘‘ යන්න භාවිතා කරයි. (උදා:- උන්දැ පාං
කළුවෙන්ම ආවා) එසේම මොනරාගල ප්‍ර දේශයේ ‘‘ඇටි කුකුළා බුග් ගහන වෙලාව‘‘ යනුවෙන් උදේ
කාලය හඳුන්වයි. මීට අමතරව ‘‘උදෑහන‘‘ ‘‘උදැහැනැක්ක‘‘ යන වචන ද භාවිතා කරයි.
මධ්‍යාහ්නය හැඳින්වීම සඳහා ‘‘ගිනි මද්දහන‘‘ හිටි පියවර‘‘
(මෙය පසු කාලීනව ගීත සාහිත්‍ය සඳහා ද යොදා ගෙන ඇත) යන වදන් විවධ පළාත් වල භාවිතා
කරන අතර දකුණු පළාතේ විශේෂයෙන් මෙසේ භාවිතා වේ.
උදා:- මේ ඉර මුදුන් සමයමේ උඹ කොහේ යනවැයි?
උදා:- මේ ඉර මුදුන් සමයමේ උඹ කොහේ යනවැයි?
ඉර මුදුන් සමයම යනු ‘‘දහ අට සන්නිය නම් ශාන්තිකර්මයේ දී
රඟදක්වන දහවල් සමයමයි. එසේම මධ්‍යාහ්නයේ තනි පංගලමේ ඇවිදිම, නෑම වැනි කාර්යයන්
දහවල කිරීම විශේෂයෙන් තරුණියන්ට තහනම් කර ඇත. ඉතින් මසු කාලීනව මෙය සාමාන්‍ය ජන
වහරට ආදේශ වූවා විය හැකිය.
දිනයේ හවස් වරුව හැදීන්විමට ‘‘රාස්සිගේ අවුව වැටෙන වෙලාව‘‘ යනුවෙන් බොහෝ
ගැමි ප්‍රදේශ වල හඳුන්වන අතර විශේෂයෙන් මොණරාගලදී මෙය ‘‘ඉරගල වැටෙන වෙලාව‘‘
යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එමෙන්ම ‘‘ඉරාවර වෙලාව‘‘ ‘‘ගොම්මන් වෙලාව‘‘ ඉර මූදෙ
ගිලගන්න වෙලාව‘‘(ධීවර ප්‍ර දේශ වල භාවිතා වේ) යන වදන් ද භාවිතා වේ.
කෘෂිකර්මාන්තයේදී ද මෙවන් වදන් රාශියක් අපට හමුවේ.
‘‘ මේ..අහගනිවු...ඔය
හරියේ අන්දර කටු විමානෙ බොලවු....
‘‘වාං පතුල්‘‘ දෙක දාගෙන පලයවු පතුල් හම ගහගන්නෙ නැතුව....
මෙහිදී ‘‘වාංපතුල්‘‘ යනුවෙන් ‘‘හුරුළුගම් වැට ‘‘ පළාතේ හැඳන්වූයේ පාවහන් ය.
එමෙන්ම දිගාමඪුල්ල ප්‍රෙද්ශයේදී කුඹුරු හිමියාට දෙන අස්වනු කොටස
‘‘මුත්තෙට්ටුව‘‘ යනුවෙන් හඳුන්වන අතර වැඩ කළ අය වෙනුවෙන් ලබා දෙන කොටස මාතර සහ හම්බන්තොට ප්‍ර දේශ වලදී ‘‘වලහං දීම‘‘
යනුවෙන් හඳුන්වනු ලැබේ.
එසේම දකුණු පළාතේ දී ‘‘හෑම‘‘ හඳුන්වන්නේ ‘‘පුරං කෙටීම‘‘ යනුවෙනි. මෙය උඩරට පළාතේ දී
‘‘බිං නැගුම‘‘ යනුවෙන් හඳුන්වනු ලැබේ.
එසේම දිගාමඩුල්ල ප්‍රෙදේශයේදී භාවිතා කරන වදන් පෙළකි මේ
‘‘මානාවර‘‘(ගංගාවක හෝ වැවක ජලයෙන් වගා කරන කොටස)
‘‘මුම්මාර‘‘(වැසි ජලයෙන් වගා කරන කොටස)
‘‘වගල කනටිය‘‘( අඳයට ගෙන වගා කරන කුඩා කුඹුරු කොටස්)
එමෙන්ම එළවලු පළතුරු ගැන කතා කිරීමේදී ඇතැම් දේ වලට
දකුණු පලාතේදී අනෙක් පළාත් වලට වඩා වෙනස් වචන
භාවිතා වේ.
පත්තක්ක(පැණි කොමඩු), ලීම(මෑ
කරල්),මූණපුඩුක්කං(ගඩුගුඩා),
එමෙන්ම එකම වචනය පළාත් දෙකක භාවිතා කිරීමේ දී වෙනස් ම
අරුතක් ගෙන දෙන එක් උදාහරණයකි මේ.
‘‘තාන්තුව‘‘ යන වදන උඩරට ප්‍රෙදේශයේදී භාවිතා කරන්නේ
‘‘සුබ මංගල්‍ය කටයුත්තකටය. එහෙත් එය පහත රට ප්‍රදේශ වලදී භාවිතා කරන්නේ පැමිනි දුකක් හෝ කරදරයක් කියා
පෑමටය.
එමෙන්ම ‘‘තරුණිය‘‘ හැඳින්විමට විවිධ ගැමි සමාජයන්හි
භාවිතා කරන වදන් මෙසේය.
එයින් බොහෝ පලාත් වල ‘‘කෙළී‘‘ යන වචනය භාවිතා කරනු ලැබේ.
වැදි සමාජයේ ‘‘කෙළා‘‘ සහ ‘‘කිරිලෝබ කැකුළිය‘‘ යන වදන් භාවිතා වේ.
උඩරට පළාතේ ‘‘අංගපුලාව‘‘ යනුවෙන් හඳුන්වන්නේ ද තරුණියයි.
එසේම ලස්සන තරුණියක් ගැන පැහැදිළි කිරීමට ‘‘ගිනි කිකිළි‘‘
යන වචනයද, විශේෂයෙන් දකුණු පළාතේ දි බැන
අඬගැසීමේදී ‘‘බොන්ඩි‘‘ යන වචනය ද භාවිතා
කරයි.
මැද වයසේ ගැහැණුන් හැඳින්වීමට ‘‘මායියා‘‘ ‘‘හාමිනෙ‘‘
‘‘හාන්නැහේ‘‘ යන වදන් විවිද ප්‍රෙද්ශ වලට
ආවේනිකව භාවිතා වේ.
”මේ පෑල්ල අතු
පොඩ්ඩෙයි යැප්පුවෙ මහ ලෝපෑල්ල”
(මේ ගෑනි වී
පොඩ්ඩයි දුන්නේ, මහ ලෝබ ගෑනි)
ග්‍රාමිය
වශයෙන් පවතින වෙනස් කම් මෙන්ම ‘‘උප සංස්කෘතීන්‘‘ අනුව පවතින වෙනස් කම් ද භාෂා
භාවිතාවට සෘජුව බලපා තිබේ. ඒ අනුව ‘‘සිරගෙදර‘‘ භාවිතා වන උදාහරණයක් බලමු.
‘‘තොපි වගේ ‘පංපි‘
වැඩ කරල නෙමෙයි ‘ඩෝ‘ අපි මෙනේට ඇවිත් ඉන්නෙ‘‘
එමෙන්ම විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ භාවිත් වන උදාහරණ කිහිපයක් මෙසේය
පත්තර කඩේ -
අති උතුම් ලලිත කලා පීඨය
මඩ කඩේ - කෘෂි
විද්‍යා පීඨය
මස් කඩේ - වෛද්‍ය
පීඨය
බලු මස් කඩේ -
පශු වෛද්‍ය පීඨය
කම්මල් කඩේ -
ඉංජිනේරු පීඨය
දත් කඩේ -දන්ත
වෛද්‍ය පීඨය
සයිබීරියාව -
සසුන්ට නිදහසේ ආදරය කිරීමට ඇති සථානය
”සහෝදරයා ඊයේ
කරත්තෙ සයිබෙ පැත්තට දක්කනවා අපි දැක්කා”
(මෙහිදී කරත්තෙ
යනු පෙම්වතියයි)
තරුණියක් හා
තරුණයෙක් ඔවුනොවුන්ට කැමැති වීම සරසවි ව්‍යවහාරයේ “හිච්” වීම යනුවෙන් හඳුන්වයි. හිච්
වීමෙන් පසුව මොවුන් හඳුන්වන්නේ,
”හිච් කපල් එක” යනුවෙනි
තරුණ තරුණියන්
හිච් වීමේදී බාහිර රූපලාවන්‍යයට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තරමක් ලස්සන
යුවතියක් සඳහා,
”ටොයියා”
වශයෙන් ද වඩාත්
ලස්සන යුවතියක් සඳහා,
”කිරි ටොයියා”
හිච් වීමෙන් පසු ව නානුමුර මංගල්‍යයක් පවත්වයි. මේ නානුමුර මංගල්‍යය හඳුන්වන්නේ, ‘‘බකට් එක‘‘ යනුවෙනි.
” තරුණියකගේ සිත
දිනාගැනීමට නොහැකි වූ විට සරසවියේ භාවිතා වවන සිද්ධාන්තයන් කිහිපයකි.
”වර්ණපාලගේ
තියරිය, වලිසිංහගේ
තියරිය” යනාදී වශයෙනි
ඉන් කිහිපයකි.
සරසවියේදී සිය
පෙම්වතාට හෝ පෙම්වතියට දුරකථන ඇමතුමක් ලබාදීම,
”කම්බි සොමිය” වශයෙන් හැඳින්වේ,
පුද්ගලයන්ගේ
විවිධ බාහිර ස්වරූපයන් අනුවද ඔවුන්ට කාඩ් ගසයි.
”කොමාන්ඩෝ” යනු හමුදා සෙබළකු සේ ඇවිදින්නා ය. “තගා” යනු නිතර ම වලියට බර තැනැත්තා ය. “හඩ්ඩා” යනු ගඳ ගහන තැනැත්තා ය. “කිලුට්ටා” යනු
අපිරිසිඳුවට අඳින්නා ය. “පරක්කුවා” යනුවෙන් හඳුන්වන්නේ කොයිදේටත් පරක්කු
වී එන්නා ය. නිතර ම අලස ගතියෙන් සිටින්නී “මැලිවිච්චි” ලෙසින් හඳුන්වයි.
උස නැති මහත
තැනැත්තිය “බට්ටී” නමින් හඳුන්වයි. “ඇටකිච්චි” යනු කෙට්ටු තැනැත්තියයි. දත් ඉදිරියට නෙරා ඇති තැනැත්තිය “හිරමනේ” නමින් ද නිතර ම කෝමල ගතියෙන් යුක් තැනැත්තිය “කොමලී” ලෙසින් ද නම් කෙරේ.
ඉහත සඳහන් කළ
සිලු දෙයින් පැහැදිළි වන්නේ භාෂාවේ අපූර්වත්වයයි.