Tuesday, June 7, 2016

ලියන්නාගේ නලියන හිත




 වටපිටාවේ හුදකලාව විසින්
ම‘සිත පූර්ණ නිහඬතාවකට
පත් කළ ඇසිල්ලෙහි
මම....
පෑන අතට ගතිමි....

තනිව සිටියද
මා වටා සිය දහස් ගනන්
මිනිසුන් සිටිනවා සේ
මා මනැස් ඇසට දැනේ....

මා සිටින උඩු මහලෙහි
ද්වාරය හැර
එකී සියලු මිනිසුන්,
හඬවමින්..
සිනා ගන්වමින්..
කෝප කරමින්..
ප්‍රීති ඝෝෂා නංවමින්..
හැගුම්බර කරමින්..

බොහෝ ඈතකට
රැගෙන යන්නට
මට සිතේ......


මා මගේ ‘‘පරිකල්පණයට‘‘
වහා අණ කළෙමි...

එහෙත් මා කුමක් ලියන්නද?
ලියන්නට බොහෝ දේ ඇතත්
ඉන් ‘‘එකක්‘‘ තෝරා ගැනීම
ඉතා අසීරුය........

එක වැදගත් දෙයක්
තේරුම් බේරුම් කර ගත් ඇසිල්ලේ
ඒ වටා
අනේක සිතුවිලි
රොද බැඳ ගනී.....

හරියටම හරි.....
මෙයයි මා
ලිවීම ඇරඹිය යුතු
නිවැරදිම මොහොත......