‘‘‘‘‘‘‘ආවඩා‘‘‘‘‘‘‘
යනුවෙන් කෑගසා මහ ගුරුන්නාන්සේ දුම්මල අහුරක්
අතට ගෙන දැවෙන පන්දමට දමා ගසනවාත් සමග
‘‘‘‘‘‘‘‘‘අයිබේව‘‘‘‘‘‘‘‘‘
යනුවෙන් කියන්නට ගමේ ගැමියෙකු සුදානම්ව සිටීම
තොවිල් ගෙවල් වල සම්ප්‍රදායයි.
ඉහත වචන දෙකම භාවිත කරන්නේ ‘‘‘ආයුෂ වර්ධනය
වේවා, ආයුෂ බොහෝ වේවා‘‘ යන අදහස ගෙන දීමටයි.
මෙය ‘‘ආවැඩිම‘‘ යනුවෙන් හඳුන්වන අතර එය
අප ගේ ශාන්ති කර්ම වල යොදා ගන්නා ප්‍රධානම අංග වලින් එකකි.
සෑම ශාන්තිකර්මයකින්ම සිදු කරන්නේ ‘‘ආතුරයා‘‘
ගේ මනස සුවපත් කිරීමයි. මෙහිදී බොහෝ විට යොදා ගැනෙන්නේ ‘‘බුදුරජානන් වහන්සේගේ
ගුණ සමුදායන්‘‘ය.
මෙලෙස යොදා ගන්නා කවි අතර සිරස පාද කවි වලට
හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
සිරසපාද කවි ගායනය ඉතා පැහැදිළිව ගායනා
කරනු ලබන කවි විශේෂයකි. මන්ද යත් ඒවා හොඳින් ආතුරයා ගේ මනසට ග්‍රහනය විය යුතු
බැවිනි.
කායික රෝග බොහෝමයක මූලාරම්භය වන්නේ මානසික
පීඩාවන්ය. එම නිසා මෙවැනි ශාන්ති කර්ම වලින් බොහෝ ප්‍රතිඵල අත් වි ඇති බවට ජනශ්‍රැති
පර්යේෂණ ග්‍රන්ථ තහවුරු කර ඇත.
‘‘මහනුවර සමයේ දී මහරජකු
ගේ උදහසට ලක් වූ එක්තරා හිමිනමක් හදිසියේ වැළඳුන රජු ගේ හිසරදයක් සුවපත් කිරීමට සිර බත් කමින් සිටියදී ම සිරසපාද කවි ගොතා ඇති බවත් ඒවා ශ්‍රවණය කිරීමෙන්
පසු රජු සුවපත් ව හිමිනමට එකෙනෙහිම නිදහස ලබා දුන් බවත් එවැනි එක් කතාවකි.‘‘
සිරස පාද කවි වල විශේෂ
ලක්ෂණ:-
1.සිරස පාද කවි නිර්මාණය කිරීමේ දී ශුබ ශාන්තියට
උචිත ගන පිහිටුවීමක් සිදු කරනු ලැබේ.
2. එම කවි වලටම ආවේනික වූ විවිධාකාරයේ කාව්‍යාලංකාර
භාවිතා කිරීම
හිස
මුව තුල බෙල්ල දෙවුර දෑතේ දසැගිලි අගිනේ
ලැමැද උදර නාභි
කටිය දෙවුකුල දෙකවල දෙදනේ
.... ආ .....
කෙන්ඬ බොලඩ දෙබඩි
පතුල දසැගිලි දස නිය අගිනේ
සූවිසි මුනිදු
අනුහසයෙන් ඔබ පිරිපත දුර හරිනේ
..... අා .....
..... අා .....
සිරස සවන් යුග මුඛ
තුල බෙල්ලේ
දෙවුර දෙවැලමිට දස
අතැගිල්ලේ
දන උකුලද බඩ කෙන්ඩ
වලල්ලේ
දොසැ හැර පලයන්
පතුල සියල්ලේ
සිරස නලලත දෙනෙත
දෙසවන්
මුඛය ගෙල දොස හැර සියල්
මුඛය ගෙල දොස හැර සියල්
දෙවුර අත් දසැගිලිද
වැලමිට
දෝස දුරුවිය එ බඩවැල්
දෝස දුරුවිය එ බඩවැල්
කටිය තුනටිය දෙදන
කෙන්ඩේ
දෝස දුරු වි ජය මගුල්
දෝස දුරු වි ජය මගුල්
සියක් අවුරුදු ඔබට
වේවා
වේවා ජය සිරි මංගලම්
වේවා ජය සිරි මංගලම්
දකුණු හිස ඇස දකුණු කම්බුල දකුණු උරහිස
දකුණතේ
දකුණු ඉලපළු උකුල
කලවා වටොර සහ එම දනහිසේ
දකුණ කෙන්ඩය බොලට
විළුඹය පතුල පසැගිලි නිය අගේ
දකුණු සැරියුත්
තෙරිදු බලයෙන් දකුණු ඇලයේ දොස බසේ
වමත හිස ඇස වමත
කම්බුල වමත උරහිස වම් අතේ
වමත ඉලපළු උකුල
කලවා වටොර සහ එම දනහිසේ
වමත කෙන්ඩය බොලට
විළුඹය පතුල පසැගිලි නිය අගේ
වමත මුගලන් තෙරිදු
බලයෙන් දකුණු ඇලයේ දොස බසේ
ලකුණු බලා වෙස්‌සන්තර වංග ගිරියෙ ඉඳ තපසට
ලකුණු එසක් රජ වැඩලා සිටියේ හිමයේ වට කොට
ලකුණු එසක් රජ වැඩලා සිටියේ හිමයේ වට කොට
ලකුණු ඇති ව ගත්තු වරම් එම සක් දෙවි අනුහසයට
දකුණු උරේ වළලු ලමින් වින දොස දුරුවෙයි පොඩි කොට
දකුණු උරේ වළලු ලමින් වින දොස දුරුවෙයි පොඩි කොට
සිරසපාද කවි ශාන්තිකර්මයකදී යොදා ගනු ලබන්නේ ‘‘අනවින,කොඩිවිණ,හදි හූනියම් කැපීම‘‘ යන අවස්ථාවලදීය.
ආතුරයා ගේ හිස මුදුනේ සිට දෙපතුල දක්‌වා වූ සියලු ශරීර කොටස්‌වල ඇති දෝෂාන්ධකාර දුරු කිරීමට මෙම සිරසපාද කවි වලින් හැකි වන් බව පැරැණ්නන් විශ්වාස කළ අතර ඇතැම් ප්‍රදේශ වල මෙම කවි ‘‘තිරසපාද කවි‘‘ ලෙස ද හැඳින්වීය.
මෙම කවි නියමිත පරිදි ගන පිහිටුවමින් නිර්මාණය
කොට ඇත්තේ ‘‘තොටගමුවේ ශ්‍රී රාහුල‘‘ සහ ‘‘විදාගම මෛත්‍රී ‘‘ යන
හිමිවරුන් ගේ සංඝ පරම්මරාවල් වලින් පැවත් එන භික්ෂූන් වහන්සේලා විසින් යැයි ජනශ්‍රැති
පර්යේෂණ වලින් මේ වන විටත් තහවුරු වී ඇති අතර
යකැදුරන් විසින් එම මතය බැහැර කරමින් ඒවා තම යකැදුරු
පරම්පරාවල් වලින් පැවත එන බවට පිළිගනී.
ශාන්තිකර්මයක අවසාන භාගයේ දී ඉදිරිපත් කරනු ලබන
මෙම සිරසපාද කවි හොඳින් සවන් දීමට හැකි වන
පරිදි ඉදිරිපත් කළ යුතුය.
ආතුරයා ගේ රෝගි තත්ත්වයන් පිළිබඳව කල් තියා දැන
ගන්නා යකැදුරා සිරස පාද කවි ගයමින් නානාප්‍රකාර රංගනයන්හි නායැලෙති. විටෙක මහ
හයියෙන් හඬා වැළපෙමින් ද, විටෙක මහ හයියෙන් සිනා සෙමින් ද විවිධාකාර කෝළම් කරති
මේ සියලු දෙයින් අපේක්ෂා කරන්නේ රෝගියාට සතුට
ගෙන දීම තුළින් ඔහු ගේ මනස සුවපත් කිරීමයි. මේ හේතුවෙන් ආතුරයා ගේ සිතට දැනෙන සතුට
කාලාන්තරයක් යන තුරුම නොනැසී පවතින්නේ රඟ දැක්වු සියල්ල චිත්‍රපටයක රුප රාමු මෙන්
නැවත නැවත මෙනෙහි වීම නිසාය.
2004 වර්ෂයේ ‘‘ ලෝක නර්තන දිනයට‘‘
සමගාමීව ‘‘සංඛ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයට‘‘ නිබන්දනයක් පල කරන ‘‘මහැදුරු,
ලයනල් බෙන්තර ගේ මහතා‘‘ එය අවසන් කරන්නේ මෙසේය.
‘‘බෞද්ධයන් වශයෙන් අපේ
ආතුර පක්‌ෂය (රෝගීන්) මේ ශාන්තිකර්ම කර්මවලින් ලබාගත්තේ ඉමහත් අස්‌වැසිල්ලකි. එය අතිමහත් පුණ්‍ය කර්මයකි‘‘.