චන්ද්‍ර මඬුළු යට
සුරඟනන් ගේ නැළවිලි සේ ම
නැළවූවා නුඹ
අප...
කඩමන්ඩියේ දොළ අයිනේ
පෙනුනෙ නැතත් නුඹ
නැවතී අහන්න හිතුනා මොහොතක්
නුඹේ හඬ...
කවියක් වූ දිවියේ
සොඳුරුතම වදන
" ආදරය" සේ දැනෙද්දී
කුරුටු ගෑ ගී පොතෙන් වැඩිහරියක්ම තිබුනේ
ඇත්තමයි නුඹේ
ගී.....
සක්වල එතෙරට ඇහෙන්න
අනන්ත ඈතට පෙනෙන්න වගේම...
මුලු මිහිතලයම කම්පා වී යන්න
නුඹ ගැයූවා " සත්‍යයේ ගී" .....
මර නින්දේ සිටි
බොහෝ උන්ගේ
ඇස් අරවමින්....
තිබුනෙ නෑ නුඹට
ලස්සන කටහඬක්
මිහිරි "මී" බඳු
එහෙත්
එය "වැල් මී " බඳු දිව ඔසුවක්ම විය..
.රස මෙන්ම ගුණ ද පිරි
තිත්ත පැණි රස
මුසුවූ
තිබුනෙ නෑ නුඹට
දවන රුවක් දුටු
දුටුවන්..
නුඹට තිබුණෙ "ධවල" රුවක්
නිබඳ නිවන දුටු
දුටුවන්
අම්මාවරුන්ට
පියවරුන්ට
පාට පාට ළමුන්ට
එක් වූ වෙන් වූ පෙම්වතුන්ට...මෙන්ම අඹුසැමියන්ට
හොඳ නරක දෙමිනිසුන්ට
මෙකී නොකී සියලු සියලලන්ට සේම...
ගෙදර එළිපත්තේ අයිනක
ගුල් වැදී සිටි
" කූචිකුචයියන්ට" පවා ගී ගැහුවා නුඹ....
විටෙක,
නුඹේ සත්‍යයේ හඬ නොඉවසූ කුරිරු ලොව
නුඹේ හිස මතට කඩා
පාත් වූවද
සුවහසක් රසික ආත්ම සුවපත් කළ
නුඹේ දයාබර දහසක් ගී වදන්
බුර බුරා නැගුනි
කාලයේ වැලි තලාවට ද යට නොවී.....
පමා වී ආ වසන්තයක් ලෙස
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබව පුදන්නට
සුදුසුම තැනට කැන්දා
ඔබව පිදුවා මේ ළඟ
දවසක
සියැසින් දකින්නට එන්න බැරි වුනා නෙ මට....
කොටුකරගන්න හැදුවත් පද හතරකට
එළි වැට, එළි සමය ද වැට පැන්නා නොදැනීම.....
ඒත් මදි...
තවත් දිගයි නුඹෙ ගී ගුණ කඳේ හතරමායිම........
තවත් දිගයි නුඹෙ ගී ගුණ කඳේ හතරමායිම........
මැදියමත් අහවරය
බිළිඳු පුතු ද නිදි සුවසේම
ඉඩ දී අමුනන්ට රිසි සේම
නුඹ වෙනුවෙන් අපිළිවෙල ට ලියැවෙන මේ කවි ගෙත්තම .......
ඉඳින්..
පමා වී හෝ නුඹ ලද නුඹට හිමි කිරුල...
නුඹට බරක් නොවනු නියතය...
.
ඔබට දීර්ඝායු වේවා !!!!!
ඔබට දීර්ඝායු වේවා !!!!!
මම
ශ්‍රීපාලි පට්ටිකාර
ශ්‍රීපාලි පට්ටිකාර
(7.10.2017)(
ඒකත් හරි අපූරු දවසක්නෙ ...710 2 017)