Saturday, October 7, 2017

සුන්දර නන්දාට

2017/10/06 වන දින ‘‘දර්ශන ශූරී‘‘ උපාධියෙන් පිදුම් ලද ‘‘නන්දා මාලිනී‘‘මහත්මිය වෙනුවෙන් නිමැවුනු කවි ගෙත්තමකි.





චන්ද්‍ර මඬුළු යට සුරඟනන් ගේ නැළවිලි සේ ම
නැළවූවා නුඹ අප...

කඩමන්ඩියේ දොළ අයිනේ
පෙනුනෙ නැතත් නුඹ
නැවතී අහන්න හිතුනා මොහොතක්
නුඹේ හඬ...

කවියක් වූ දිවියේ
සොඳුරුතම වදන
" ආදරය" සේ දැනෙද්දී

කුරුටු ගෑ ගී පොතෙන් වැඩිහරියක්ම තිබුනේ
ඇත්තමයි නුඹේ ගී.....

සක්වල එතෙරට ඇහෙන්න
අනන්ත ඈතට පෙනෙන්න වගේම...
මුලු මිහිතලයම කම්පා වී යන්න
නුඹ ගැයූවා " සත්‍යයේ ගී" .....
මර නින්දේ සිටි බොහෝ උන්ගේ
ඇස් අරවමින්....

තිබුනෙ නෑ නුඹට
ලස්සන කටහඬක්
මිහිරි "මී" බඳු

එහෙත්

එය "වැල් මී " බඳු  දිව ඔසුවක්ම විය..
.රස මෙන්ම ගුණ ද පිරි
තිත්ත පැණි රස මුසුවූ

තිබුනෙ නෑ නුඹට
දවන රුවක් දුටු දුටුවන්..

නුඹට තිබුණෙ  "ධවල" රුවක්
නිබඳ නිවන දුටු දුටුවන්

අම්මාවරුන්ට
පියවරුන්ට
පාට පාට ළමුන්ට
එක් වූ වෙන් වූ පෙම්වතුන්ට...මෙන්ම අඹුසැමියන්ට
හොඳ නරක දෙමිනිසුන්ට
මෙකී නොකී සියලු සියලලන්ට සේම...

ගෙදර එළිපත්තේ අයිනක
ගුල් වැදී සිටි
" කූචිකුචයියන්ට" පවා ගී ගැහුවා නුඹ....

විටෙක,

නුඹේ සත්‍යයේ හඬ නොඉවසූ කුරිරු ලොව
නුඹේ හිස මතට කඩා පාත් වූවද

සුවහසක් රසික ආත්ම සුවපත් කළ

නුඹේ දයාබර දහසක් ගී වදන්

බුර බුරා නැගුනි

කාලයේ වැලි තලාවට ද යට නොවී.....


පමා වී ආ වසන්තයක් ලෙස
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබව පුදන්නට සුදුසුම තැනට කැන්දා
ඔබව පිදුවා මේ ළඟ දවසක
සියැසින්  දකින්නට එන්න බැරි වුනා නෙ මට....

කොටුකරගන්න හැදුවත් පද හතරකට
එළි වැට, එළි සමය ද වැට පැන්නා නොදැනීම.....
ඒත් මදි...
තවත් දිගයි නුඹෙ ගී ගුණ කඳේ හතරමායිම........

මැදියමත් අහවරය
බිළිඳු පුතු ද නිදි සුවසේම
ඉඩ දී අමුනන්ට රිසි සේම
නුඹ වෙනුවෙන් අපිළිවෙල ට ලියැවෙන මේ කවි ගෙත්තම .......

ඉඳින්..
පමා වී හෝ නුඹ ලද නුඹට හිමි කිරුල...
නුඹට බරක් නොවනු නියතය...
.
ඔබට දීර්ඝායු වේවා !!!!!

මම
ශ්‍රීපාලි පට්ටිකාර
(7.10.2017)( ඒකත් හරි අපූරු දවසක්නෙ ...710 2 017)




Friday, September 8, 2017

සංගීත පාඩම - 02 .... ‘‘‘ධ්‍රැපද් ගායනය‘‘‘‘‘































අරුත් දැන රසවිඳිමු සොඳුරු හින්දි ගී.... ‘‘‘ මේරේ මන්කී ගංගා ‘‘‘‘‘






මේරේ මන් කී ගංගා - ඖර් තේරේ මනකී ජමුණා කා
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
අරෙ බෝල් රාධා බෝල් සංගම් හෝගා කේ නහීං

කිතනී සදියාං - බීන් ගයී හෛ
 හාය තුජේ සමජානේ මෙං
මේරේ ජේසා - ධීරජවාලා -
හෛ කොයි ඕර සමානා මෛ
දිල් කා බඪතා බෝඣ් කභී කම් හෝගා කී නහීං
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
මේරේ මන් කී ගංගා - ඖර් තේරේ මනකී ජමුණා කා
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
අරෙ බෝල් රාධා බෝල් සංගම් හෝගා කේ නහීං

දෝ නදියෝංකා - මේල්  අගර්
ඉතනා පවන් කැහැලාතා හෛ
ක්‍යුං නා ජහාදෝ - දිල් මිල්තේ හෛං
ස්වර්ග වහාං බස් ජාතා හෛ
හර් මෝසම් හෛ ප්‍යාර් කා මෝසම් හෝගා කී නහීං
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
මේරේ මන් කී ගංගා - ඖර් තේරේ මනකී ජමුණා කා
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
අරෙ බෝල් රාධා බෝල් සංගම් හෝගා කේ නහීං

තේරී ඛාතීර් - මෛං තඩපා ජ්‍යුං
තර්සේ ධර්තී සාවන් කෝ
රාධා රාධා - ඒක් රටන් හෛං
සාංස්කී ආවන් ජාවන් කෝ
පත්ථර් පිඝලේ දිල් තෝරා නම් හෝගා කී නහීං
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
මේරේ මන් කී ගංගා - ඖර් තේරේ මනකී ජමුණා කා
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
අරෙ බෝල් රාධා බෝල් සංගම් හෝගා කේ නහීං



චිත්‍රපටය :- සංගම්
ගායනය :- මුකේෂ්
සංගීතය :- ශංකර්ජෛකිෂන්
රචනය :- ශෛලේන්ද්‍ර





අරුත (සරළව):-
මගේ සිත ගංගා නදියයි
ඔබේ සිත ජමුනා නදියයි
හරියටම කියන්න රාධා.......
අපි හමු වෙනවාද? නැද්ද?

සියවස් වස් ගණනාවක්ම ගෙවී ගියානෙ ඔබට මෙය තේරුම් කරල දෙන්න.
කියන්න.... මං වගේ ධෛර්ය වන්තයෙක් ලෝකෙ කොහේද තව ඉන්නෙ?
මගෙ හිතේ තියෙන බර කවදද හෑල්ලු වෙන්නෙ?
කියන්න රාධා....
අපි හමු වෙනවාද? නැද්ද?

ගංගා දෙකක් හමුවීම පවිත්‍රත්වයේ සංකේතයක්ලු
ඒ වගේ අපි දෙනෙත් මුන ගැහිල අපේම පාරාදීසයකට යමු.......
හැම සෘතුවක්ම ආදර සෘතුවක්ම වෙයිද? නැද්ද?
කියන්න රාධා....
අපි හමුවෙනවාද? නැද්ද?

ගිම්හානයේදී දැවෙන පෘථිවිය වසන්තය පතනවලු එය ගණන් නොගෙන....
මාත් එහෙමයි ඔබව පතන්නෙ රාධා...ඇත්තමයි..
ඒ ගැනයි මගේ මේ සුසුම් පවසන්නෙ රාධා...
ගල් උණුවුනත්
ඔබේ හදවත උණු වෙන්නෙ නැද්ද රාධා?
කියන්න රාධා....

අපි හමුවෙනවාද? නැද්ද?

 

 

වරඟන පිරිවරිනා..... එරන්දතිය එනවා



සිංහල ගීත සාහිත්‍යෙය් බිහි වූ ඇතැම් ගීත සඳහා පාදක වී ඇත්තේ පුරාණෝක්තීන්ය.. එහිදී ඓතිහාසික කතාන්දර, සිද්ධි, පුද්ගල වර්ණනා ආදිය බහුලව යොදා ගැනේ.

පහත ගීතයට ද පාදක වූයේ  වූයේ එවැන්නකි.. එනම් ‘‘විධුර ජාතකය‘‘යි.

එහි එන ‘‘නා රජුන් ගේ දියණිය වන එරන්දතිය‘‘ යනු සර්ව නාරි ලාලිත්‍යෙයන් හා සර්වාභරණයන් ගෙන් සුවිභූෂිත වු අභිරූපිකාවකි...

එහෙත් අපට මේ ගීතය ගෝචර වන්නේ ඓතිහාසික මුක්ත මාලාවෙන් (මිතු මාලයෙන්) ගිලිහුන ගී මුතු ඇටයක් ලෙසය...



‘‘‘.....අනෝතත්ත විල පියුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නා ලිය ගමනින්
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා....‘‘‘



‘සුනිල් සරත් පෙරේරා‘ ගී රචනයෙන් සුපෝෂිතව, ‘වික්ටර් දළුගම‘යන් ගේ සංගීත රචනයෙන් ආලෝකමත්ව පණ්ඩිත් අමරදේවයන් ගේ ගායනයෙන් ඔපවත්ව එලි දැක්වුනු මෙම ගීය නාරි සෞන්දර්යය  සහෘද සිත්සතන්හි පැලපදියම් කරවන ගීයකි.







උත්තර භාරතීය සංගීත පද්ධතියේ එන ‘‘පහාඩි‘‘ රාගයේ ස්වර සංගති යොදා ගනිමින් තනු නිර්මානය කර ඇති මෙම ගීතය , ‘‘කෙහෙර්වා‘‘ තාලයෙන් තාලවත් වී ඇත.

එසේම මුලට හා මැදට යොදා ඇති අතුරු වාදන ඛණ්ඩ එරන්දතිය විලසම මෙම ‘‘ගී සිරුර‘‘ මිණිමුතු භරණින් සැරසූවාක් වැනිය.

එලෙස සංගීතවත් වූ මෙම ගීතය ගායනය සමඟ සුපෝෂණය වන්නේ ගීතය සතුව ඇති කාව්‍යෝක්ති පොකුරේ අනුහසිනි

එරන්දතිය එන්නේ නෙළුමක් අතින් දරා ගෙනය. ඇගේ ඝන වූ නීල වර්ණ දිගු කේෂ කලාපය මල් දමින් ගැවසී ඇත. එයින් වඩා ඔපවත් වූ ඇගේ නාරි ලීලාව වට කර ගනිමින් සහචර වරඟනෝ ද ( රූපශොභාවෙන් සමලංකෘත යෞවනියෝ) ද පිරිවරා සිටිති.


....‘‘ සිතක උපන් දොළ සංසිදුවාලා
    මතක සිනාවෙන් මුව සරසාලා
    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
    සිතට තුරුලු වෙනවා
   එරන්දතිය එනවා......‘‘‘‘




‘‘සිතට තුරුලු වීම ‘‘ යනු යනු හද වැළඳ ගෙන එහිම ලැගුම් ගැනීමයි. මෙම චමත්කාරජනක සිදුවීම සිදුවන්නේ ඉර ,සඳ ට මුවා වූ මඳ අඳුරේ යැයි වරෙක ‘‘කාලිදාසයන් ගේ මේඝ දූතයේ ‘‘ සවිස්තරව තිබුනා මතකය.

ඉහත අන්තරා කොටසින් රචකයා උත්සාහ දරා ඇත්තේ එම සිදුවීම සහෘද හදවත් මෘදු මොළොක් ලෙස  ස්පර්ශ කරවීමට විය හැකිය.


.....‘‘ කෝමළ ගමනින් කෝල හැඟුම් හල
       කාල ගිරෙන් සිතිවිලි සේනා ගෙන
        වරඟන පිරිවරිනා
        එරන්දතිය එනවා....‘‘


ඉහත ගීත ඛණ්ඩයේ පැහැදිළි නිෂ්චිතාර්ථයක් නැතත් මඳ සුළඟ සමග මුසු වී එන සුපුෂ්පිත මල් සුවඳක් වැනි අත්භූත හැඟීමක් අසන්නා තුළ ජනිත කරවයි.

මන්ද යත් කාව්‍යකරණයේ දි පැවසෙන්නේ

     ‘‘අද්භූතයෙන් විශ්මය උපදින බවත් , එය චමත්කාරයට පදනම වන බවත්‘‘ය.

මෙම ගීතයේ දී එරන්දතිය ගේ අභිරූපී වරඟන සෝභාව මෙම විස්මයාර්ථයට හේතු පාදක වේ.


‘‘‘‘‘.... නළලත කුංකුම තිලක තියාලා
          නීල වර්නයෙන් බැලුම් හෙලාලා
          පාද කිකිණි සොලවා
          එරන්දතිය එනවා....‘‘‘‘


ඇගේ නළලෙහි ප්‍රභාව කුංකුම තිළකය නිසා වඩාත් දදුළවයි. ඇගේ නිල්වන් දෙනෙතින් හෙළන නුරා බැලුම් හාත්පසම නීලාලෝකයෙන් බබළවයි. සිහින්ව පැහැදිළීව ඇසෙන ඇගේ පා කිංකිණි හඬ ඈ දකින්නන් ගේ හදවත් සසල කරවයි...



මෙසේ දිග හැරුණ එරන්දතියගේ රූප සෝභාව විදහා දැක්වෙන අපේ ගීත ඉතිහාසය සතු මෙම  ගීතමය දායාදය

 ‘‘ සෞන්දර්යාත්මක සංකල්පරූප මංජරියක්‘‘ වැනිය. කවි ඇසින් දැක කවි ගණනාවකින් වර්ණනා කළ ද අවසන් නොවන මෙවැනි අතිෂයෝක්ති ලලනා ලාලිත්‍යයන් ගීතයට කොටු කර , එයින් ද නොනැවතී නැවත  මනාව  කර කැටි කර ගැනීමම අතිෂය දුෂ්කරය...