සරම බැණියම ඇන්ද
අප්පච්චිගේ වචනෙ
විතරක්ම පිළි අරං
දීග ආ මයෙ අම්ම............
කඳු දෙකක් පහු
කරං
හැට්ට කම්බා ඇදං
කරබා ගෙනම ඇවිත්
වටුනාලු මයෙ අම්ම............
මාස හැට හතරක්ම
බඩ දරං අපි හතක්
හත්පොළේ වළි රුදා
වින්දාලු මයෙ
අම්ම.............
බඩජාරි අපේ බඩ
පුරවන්ඩ හැමදාම
දැළි වළං උලා ගෙන
කෑවාලු මයෙ අම්ම..............
සාඩිං‘සෙ ගුලි
වෙලා
සාලෙ දිග
නිදියද්දි
ඇඟේ වස්තරෙ අපට
පෙරෙව්වලු මයෙ
අම්ම...........
කරපු නොහොබිනා
වැඩ
වලට දෙන ගුටි බැට
ද
බේරන්න මැදට පැන
කෑවාලු මයෙ අම්ම...........
තවත් ඉවරයක් නෑ
දරුවන්ගෙ
දරුවනුත්
බලාගෙන‘හෙම හොඳින්
ඉන්නවනෙ මයෙ අම්ම.............
පෑවිල්ල වැඩි කලට
වේලනව අටු කොසුත්
වැස්ස කාලෙට
වියයි
වට්ටියක් මාගලක්.............
මළ පොතේ අකුරකුත්
බැරි වුනත්, ඇගෙ
තරම්
දැකලනම් නෑ කාල
කළමණාකරණයක්...........
No comments:
Post a Comment