පටන් ගනිද්දිම ඉහත දැක්වූ
උදෘතය ගැන ඔබට යම් කුකුසක් දැනෙණු ඇති. මෙය හුදෙක් ‘‘මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ
, සිංහභාහු නාටකය‘‘ විහිළුවකට ලක් කිරීමක් නම් නොවේ.
මෙය පේරාදෙණිය සරසවි විද්‍යාර්ථීන
ගේ මුවග රැවු දෙන ප්‍රසිද්ධ වදන් අතරට එක් වූ වදන් පෙළකි. එය සිදු වූයේ මෙසේය.
මේ චවන නිර්මාණය කළේ එවකට
විශ්ව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යෙක්ව සිටි‘‘ පසු කලෙක මෙරට වීදි නාට්‍ය කලාවේ
පුරෝගාමියා වූ ගාම්ණි හත්තොට්ටුවේ ගම‘‘ මහතා විසිනි.
නමුත් ඔහු විසින් මෙය නිර්මාණය කළේ ඉංග්‍රීසි භාෂාවෙනි.
ඒ මෙසේය.
“STONE CAVE IS BROKEN
CAVE DOOR IS POEN
LION BAR
මෙම පාඨය මාතෘකාවේ දැක්වූ පරිදි සිංහල පද මුසු කර ජනප්‍රිය කළේ
‘‘සංගීත වේදී, ජයන්ත අරවින්දයන්‘‘ විසිනි. ඉතින් මා මේ පූර්විකාව ගෙන ආවේ එහු
පිළිබඳ සටහනක් තැබීමට.
වින්සන්ට් සෝමපාලයන් යනු ලාංකීය සංගිත අධ්‍යාපන
ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙයක් කළ ඇදුරු තුමෙක් වගේම සුප්‍රකට සංගීතඥයෙක්. ඒ වගේම එතුමා පණ්ඩිත් අමරදේවයන්ගේත්
එක් ගුරුවරයකු ලෙස සැලකෙනවා. ඒ වගේම හෙළ බස රැකීමට තම දිවි හිමියෙන් කටයුතු
කළ කුමාරතුංග මුනිදාසයන් ගේ සමකාලීන මිතුරෙක්.
තම පියාණන් ගේ මතකයන් ඔහු නිතර නිතර අවදි
කරන්නේ මෙලෙසින්.
‘‘මගෙ තාත්තගෙ හැකියාව තමයි තමයි මට පහිටලා තියෙන්න ඇත්තෙ. සංගීතයේ අයනු ආයනු මට කියා දුන්නේ තාත්තා. මට වයස අවුරුදු 11 වන විට ස්වර ඥානය ලැබුණා.‘‘
1943‘‘හෙළ ගී මියැසිය‘‘කියන සංගීත වැඩසටහන
මගින් කුමාරතුංග මුණිදාස මහතා දේශීය සංගීත සම්ප්‍රදායක් බිහි කරන්න ආරම්භ
කළා. එහිදී එතුමා රචනා කළ ගී කවි වලට තනු නිර්මාණය කළේ මගේ තාත්ත.
කුමාරතුංග මුණිදාස මහතා දැඩි ලෙස විශ්වාස
කළා වයලීනය දේශීය වාද්‍ය භාණ්ඩයක් කියල.එතුමා එයට අපූරු
වචනයක් දැම්ම “වැයළුව“ කියල. වැයළුවෙන් වාදනය කොට ගැයිය හැකි ගීත “හෙළ ගී මියැසිය” ට ඇතුළත් කරන්න කියල මගෙ තාත්තට කිවුව. එතුමා ඒව ලියන
පරක්කුවට මගේ තාත්ත ඒවා වැයළුවෙන් වාදනය කරල පෙන්නුවා.
ඒව මම මගෙ ඇස් දෙකෙන් දැක්ක. මුලදි මට ඒක
මැජික් එකක් වගෙ පෙණුනත් ස්වර ඥාණය ලැබුනට පස්සෙ ඒක ඒ තරම්ම ගානක් ගියෙ නෑ.
මේ කාලෙ තමයි එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්
මට මුණ ගැහෙන්නෙ.
එම ඇඟෑළුම් කම දුර දිග යන්නේ ගුරු ගෝලයන්
බවට පත්වීමෙන්. නමුත් මෙහිදී සරච්චන්ද්‍රයන්ගේ ගුරුවරයා වන්නේ ‘‘ජයන්ත
අරවින්දයන්‘‘.
(අදනම් මෙහෙම ඉගෙන ගනීද අපේ අය තමන්ට වඩා
බාල කෙනෙක්ගෙන්)
මෙලෙස සරච්චන්ද්‍රයන් අරවින්දයන් ගෙන්
ඉගෙන ගනිද්දී කුමාරත්‍රංග මුණිදාසයන් අරවින්දයන් ගේ පියා වන වින්සන්ට් සෝමපාලයන්
ගෙන් උගනියි.
මෙය හරි අපූරු ද්විත්ව සුසංයෝගයකි. කුඩා
අරවින්දයන් ගේ මෙම හැකියාව හඳුනා ගන්නා සරච්චන්ද්‍රයන් වින්සන්ට් සෝමපාලයන්ට බල කර
සිටින්නේ ඔහුව ගුවන් විදුලියට සම්බන්ධ කරන ලෙසයි. සරච්චන්ද්‍රයන් ගේ පෙරැත්තය
නිසාම තමා ගේ ගුවන් විදුලි ගීත වැඩසටහනක වයලීන් වාදනය වින්සන්ට් සෝමපාලයන් තම පුතු
කැටුව යන්නේ ඉන් අනතුරුවයි.
එහිදී ‘‘පොඩි ළමයා‘‘ යනුවෙන් ළමා වාදක
ජයන්ත අරරවින්ද විරුදාවලි ලබන්නේ අන් සියලු වැඩිහිටි ශිල්පීන්ගේ ආදර කරුණාවට ද
පාත්‍ර වෙමින්.
මේ කාලය අතරතුර තම පියා යටතේ හින්දුස්ථානී
රාගධාරී සංගීතය හදාරන කුඩා අරවින්ද ඊට සමගාමීව පාලි, සංස්කෘත භාෂා යනාදිය ප්‍රගුණ කළේය.
පාසල් අධ්‍යාපනය අවසන් කරන ජයන්ත
අරවින්දයන් 1957 වර්ෂයේ දී ‘‘පේරාදෙනිය සරසවියට‘‘ ඇතුළත් වන්නේ ඉන් අනතුරුවයි.
මා කළින් සඳහන් කළ ගුරු ගෝල සම්බන්ධය
කණපිට පෙරලී අරවින්දයන්ට, සරච්චන්ද්‍රයන් ගුරු වන්නේ මෙහිදීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ‘‘සිංහල අධ්‍යයන
අංශයේ ‘‘ සිසුවකු බවට පත් වෙන අරවින්දයන් ගේ සහ සරච්චන්ද්‍රයන් ගේ ‘‘නාට්‍ය සංගීත
සුසංයෝගය‘‘ ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි. එතැනින් ඇරඹුනු ස්වකීය නාට්‍ය සංගීත රචකයාගේ
භූමිකාව
පෙමතො ජායතී සොකො
රත්නාවලී
තවත් උදෑසනක්
මනමේ
සිංහබාහු
මහාසාර
කදා වළලු
යන නාට්‍ය වල සංගීතය නිර්මාණය දක්වා
විහිදී යන අපූරුව අති විශිෂ්ටය.
පේරාදෙනිය සරසවි අධ්‍යාපනයෙන් නොනැවතුනු
අරවින්දයෝ
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් බුදු දහම පිළිබඳ ශාස්ත්‍රපති
(M.A) උපාධියද
ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයෙන් 1968 දී සංගීත්
විශාරද උපාධිය ද
1970 දී සංගීත් නිපුන් උපාධි ද
ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සෞන්දර්ය විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවද
පසු කාලීනව ‘‘ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ‘‘ විදුහල්පතිවරයෙක් ලෙස ද කටයුතු කළේය. එමෙන්ම ‘‘සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ‘‘ හා
පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේය.
මෙ වන විට කොළඹ හොරණ පාරේ, කැස්බෑව
මදසන්ධියට ආසන්නව පිහිටා තිබෙන ‘‘ආවාස පාරෙ‘‘ පිහිටි නිවසෙහි, දරු මුණුපුරන්ට ද
ආදරණීය සීයා කෙනෙක් වෙමින් විවේකී සුවයෙන් පසුවන එතුමා ප්‍රවීණ ගායන ශිල්පී
‘‘වරදත්ත අරවින්ද ගේ‘‘ ද පියානන්ය.
(මෙතුමා ගේ නාට්‍ය සංගීත නිර්මාණකරණය
පිළිබඳ ඉදිරි ලිපි පෙළකින් සාක්ජ්චා
කිරීමට ද අපේක්ෂා කරමි.)
No comments:
Post a Comment