Friday, September 8, 2017

අරුත් දැන රසවිඳිමු සොඳුරු හින්දි ගී.... ‘‘‘ මේරේ මන්කී ගංගා ‘‘‘‘‘






මේරේ මන් කී ගංගා - ඖර් තේරේ මනකී ජමුණා කා
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
අරෙ බෝල් රාධා බෝල් සංගම් හෝගා කේ නහීං

කිතනී සදියාං - බීන් ගයී හෛ
 හාය තුජේ සමජානේ මෙං
මේරේ ජේසා - ධීරජවාලා -
හෛ කොයි ඕර සමානා මෛ
දිල් කා බඪතා බෝඣ් කභී කම් හෝගා කී නහීං
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
මේරේ මන් කී ගංගා - ඖර් තේරේ මනකී ජමුණා කා
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
අරෙ බෝල් රාධා බෝල් සංගම් හෝගා කේ නහීං

දෝ නදියෝංකා - මේල්  අගර්
ඉතනා පවන් කැහැලාතා හෛ
ක්‍යුං නා ජහාදෝ - දිල් මිල්තේ හෛං
ස්වර්ග වහාං බස් ජාතා හෛ
හර් මෝසම් හෛ ප්‍යාර් කා මෝසම් හෝගා කී නහීං
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
මේරේ මන් කී ගංගා - ඖර් තේරේ මනකී ජමුණා කා
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
අරෙ බෝල් රාධා බෝල් සංගම් හෝගා කේ නහීං

තේරී ඛාතීර් - මෛං තඩපා ජ්‍යුං
තර්සේ ධර්තී සාවන් කෝ
රාධා රාධා - ඒක් රටන් හෛං
සාංස්කී ආවන් ජාවන් කෝ
පත්ථර් පිඝලේ දිල් තෝරා නම් හෝගා කී නහීං
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
මේරේ මන් කී ගංගා - ඖර් තේරේ මනකී ජමුණා කා
බොල් රාධා බොල් සංගම් හෝගා කේ නහීං
අරෙ බෝල් රාධා බෝල් සංගම් හෝගා කේ නහීං



චිත්‍රපටය :- සංගම්
ගායනය :- මුකේෂ්
සංගීතය :- ශංකර්ජෛකිෂන්
රචනය :- ශෛලේන්ද්‍ර





අරුත (සරළව):-
මගේ සිත ගංගා නදියයි
ඔබේ සිත ජමුනා නදියයි
හරියටම කියන්න රාධා.......
අපි හමු වෙනවාද? නැද්ද?

සියවස් වස් ගණනාවක්ම ගෙවී ගියානෙ ඔබට මෙය තේරුම් කරල දෙන්න.
කියන්න.... මං වගේ ධෛර්ය වන්තයෙක් ලෝකෙ කොහේද තව ඉන්නෙ?
මගෙ හිතේ තියෙන බර කවදද හෑල්ලු වෙන්නෙ?
කියන්න රාධා....
අපි හමු වෙනවාද? නැද්ද?

ගංගා දෙකක් හමුවීම පවිත්‍රත්වයේ සංකේතයක්ලු
ඒ වගේ අපි දෙනෙත් මුන ගැහිල අපේම පාරාදීසයකට යමු.......
හැම සෘතුවක්ම ආදර සෘතුවක්ම වෙයිද? නැද්ද?
කියන්න රාධා....
අපි හමුවෙනවාද? නැද්ද?

ගිම්හානයේදී දැවෙන පෘථිවිය වසන්තය පතනවලු එය ගණන් නොගෙන....
මාත් එහෙමයි ඔබව පතන්නෙ රාධා...ඇත්තමයි..
ඒ ගැනයි මගේ මේ සුසුම් පවසන්නෙ රාධා...
ගල් උණුවුනත්
ඔබේ හදවත උණු වෙන්නෙ නැද්ද රාධා?
කියන්න රාධා....

අපි හමුවෙනවාද? නැද්ද?

 

 

වරඟන පිරිවරිනා..... එරන්දතිය එනවා



සිංහල ගීත සාහිත්‍යෙය් බිහි වූ ඇතැම් ගීත සඳහා පාදක වී ඇත්තේ පුරාණෝක්තීන්ය.. එහිදී ඓතිහාසික කතාන්දර, සිද්ධි, පුද්ගල වර්ණනා ආදිය බහුලව යොදා ගැනේ.

පහත ගීතයට ද පාදක වූයේ  වූයේ එවැන්නකි.. එනම් ‘‘විධුර ජාතකය‘‘යි.

එහි එන ‘‘නා රජුන් ගේ දියණිය වන එරන්දතිය‘‘ යනු සර්ව නාරි ලාලිත්‍යෙයන් හා සර්වාභරණයන් ගෙන් සුවිභූෂිත වු අභිරූපිකාවකි...

එහෙත් අපට මේ ගීතය ගෝචර වන්නේ ඓතිහාසික මුක්ත මාලාවෙන් (මිතු මාලයෙන්) ගිලිහුන ගී මුතු ඇටයක් ලෙසය...



‘‘‘.....අනෝතත්ත විල පියුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නා ලිය ගමනින්
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා....‘‘‘



‘සුනිල් සරත් පෙරේරා‘ ගී රචනයෙන් සුපෝෂිතව, ‘වික්ටර් දළුගම‘යන් ගේ සංගීත රචනයෙන් ආලෝකමත්ව පණ්ඩිත් අමරදේවයන් ගේ ගායනයෙන් ඔපවත්ව එලි දැක්වුනු මෙම ගීය නාරි සෞන්දර්යය  සහෘද සිත්සතන්හි පැලපදියම් කරවන ගීයකි.







උත්තර භාරතීය සංගීත පද්ධතියේ එන ‘‘පහාඩි‘‘ රාගයේ ස්වර සංගති යොදා ගනිමින් තනු නිර්මානය කර ඇති මෙම ගීතය , ‘‘කෙහෙර්වා‘‘ තාලයෙන් තාලවත් වී ඇත.

එසේම මුලට හා මැදට යොදා ඇති අතුරු වාදන ඛණ්ඩ එරන්දතිය විලසම මෙම ‘‘ගී සිරුර‘‘ මිණිමුතු භරණින් සැරසූවාක් වැනිය.

එලෙස සංගීතවත් වූ මෙම ගීතය ගායනය සමඟ සුපෝෂණය වන්නේ ගීතය සතුව ඇති කාව්‍යෝක්ති පොකුරේ අනුහසිනි

එරන්දතිය එන්නේ නෙළුමක් අතින් දරා ගෙනය. ඇගේ ඝන වූ නීල වර්ණ දිගු කේෂ කලාපය මල් දමින් ගැවසී ඇත. එයින් වඩා ඔපවත් වූ ඇගේ නාරි ලීලාව වට කර ගනිමින් සහචර වරඟනෝ ද ( රූපශොභාවෙන් සමලංකෘත යෞවනියෝ) ද පිරිවරා සිටිති.


....‘‘ සිතක උපන් දොළ සංසිදුවාලා
    මතක සිනාවෙන් මුව සරසාලා
    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
    සිතට තුරුලු වෙනවා
   එරන්දතිය එනවා......‘‘‘‘




‘‘සිතට තුරුලු වීම ‘‘ යනු යනු හද වැළඳ ගෙන එහිම ලැගුම් ගැනීමයි. මෙම චමත්කාරජනක සිදුවීම සිදුවන්නේ ඉර ,සඳ ට මුවා වූ මඳ අඳුරේ යැයි වරෙක ‘‘කාලිදාසයන් ගේ මේඝ දූතයේ ‘‘ සවිස්තරව තිබුනා මතකය.

ඉහත අන්තරා කොටසින් රචකයා උත්සාහ දරා ඇත්තේ එම සිදුවීම සහෘද හදවත් මෘදු මොළොක් ලෙස  ස්පර්ශ කරවීමට විය හැකිය.


.....‘‘ කෝමළ ගමනින් කෝල හැඟුම් හල
       කාල ගිරෙන් සිතිවිලි සේනා ගෙන
        වරඟන පිරිවරිනා
        එරන්දතිය එනවා....‘‘


ඉහත ගීත ඛණ්ඩයේ පැහැදිළි නිෂ්චිතාර්ථයක් නැතත් මඳ සුළඟ සමග මුසු වී එන සුපුෂ්පිත මල් සුවඳක් වැනි අත්භූත හැඟීමක් අසන්නා තුළ ජනිත කරවයි.

මන්ද යත් කාව්‍යකරණයේ දි පැවසෙන්නේ

     ‘‘අද්භූතයෙන් විශ්මය උපදින බවත් , එය චමත්කාරයට පදනම වන බවත්‘‘ය.

මෙම ගීතයේ දී එරන්දතිය ගේ අභිරූපී වරඟන සෝභාව මෙම විස්මයාර්ථයට හේතු පාදක වේ.


‘‘‘‘‘.... නළලත කුංකුම තිලක තියාලා
          නීල වර්නයෙන් බැලුම් හෙලාලා
          පාද කිකිණි සොලවා
          එරන්දතිය එනවා....‘‘‘‘


ඇගේ නළලෙහි ප්‍රභාව කුංකුම තිළකය නිසා වඩාත් දදුළවයි. ඇගේ නිල්වන් දෙනෙතින් හෙළන නුරා බැලුම් හාත්පසම නීලාලෝකයෙන් බබළවයි. සිහින්ව පැහැදිළීව ඇසෙන ඇගේ පා කිංකිණි හඬ ඈ දකින්නන් ගේ හදවත් සසල කරවයි...



මෙසේ දිග හැරුණ එරන්දතියගේ රූප සෝභාව විදහා දැක්වෙන අපේ ගීත ඉතිහාසය සතු මෙම  ගීතමය දායාදය

 ‘‘ සෞන්දර්යාත්මක සංකල්පරූප මංජරියක්‘‘ වැනිය. කවි ඇසින් දැක කවි ගණනාවකින් වර්ණනා කළ ද අවසන් නොවන මෙවැනි අතිෂයෝක්ති ලලනා ලාලිත්‍යයන් ගීතයට කොටු කර , එයින් ද නොනැවතී නැවත  මනාව  කර කැටි කර ගැනීමම අතිෂය දුෂ්කරය...

Wednesday, October 19, 2016

සංගීත පාඩම් - අංක 01. ‘‘බිලාවල් රාගය‘‘



බිලාවල් රාගයේ හැඳින්වීම.




බිලාවල් රාගයේ මූලික ගායන විදීන්.....






බිලාවල් රාගයේ ශාස්ත්‍රීය ගායන විදීන්











Wednesday, June 15, 2016

ගල් ලෙන BROKEN - ලෙන් දොර OPEN











පටන් ගනිද්දිම ඉහත දැක්වූ උදෘතය ගැන ඔබට යම් කුකුසක් දැනෙණු ඇති. මෙය හුදෙක් ‘‘මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ , සිංහභාහු නාටකය‘‘ විහිළුවකට ලක් කිරීමක් නම් නොවේ.
මෙය පේරාදෙණිය සරසවි විද්‍යාර්ථීන ගේ මුවග රැවු දෙන ප්‍රසිද්ධ වදන් අතරට එක් වූ වදන් පෙළකි. එය සිදු වූයේ මෙසේය.
මේ චවන නිර්මාණය කළේ එවකට විශ්ව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යෙක්ව සිටි‘‘ පසු කලෙක මෙරට වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා වූ ගාම්ණි හත්තොට්ටුවේ ගම‘‘ මහතා විසිනි.
නමුත් ඔහු විසින් මෙය නිර්මාණය කළේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඒ මෙසේය.

“STONE CAVE IS BROKEN
CAVE DOOR IS POEN
LION BAR
මෙම පාඨය මාතෘකාවේ  දැක්වූ පරිදි සිංහල පද මුසු කර ජනප්‍රිය කළේ ‘‘සංගීත වේදී, ජයන්ත අරවින්දයන්‘‘ විසිනි. ඉතින් මා මේ පූර්විකාව ගෙන ආවේ එහු පිළිබඳ සටහනක් තැබීමට.



 

වින්සන්ට් සෝමපාලයන් යනු ලාංකීය සංගිත අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙයක් කළ ඇදුරු තුමෙක් වගේම  සුප්‍රකට සංගීතඥයෙක්. ඒ වගේම එතුමා පණ්ඩිත් අමරදේවයන්ගේත් එක් ගුරුවරයකු ලෙස සැලකෙනවා.  ඒ වගේම හෙළ බස රැකීමට තම දිවි හිමියෙන් කටයුතු කළ කුමාරතුංග  මුනිදාසයන් ගේ සමකාලීන මිතුරෙක්.
තම පියාණන් ගේ මතකයන් ඔහු නිතර නිතර අවදි කරන්නේ මෙලෙසින්.
‘‘මගෙ තාත්තගෙ හැකියාව තමයි  තමයි මට පහිටලා තියෙන්න ඇත්තෙ. සංගීතයේ අයනු ආයනු මට කියා දුන්නේ තාත්තා. මට වයස අවුරුදු 11 වන විට ස්වර ඥානය ලැබුණා.‘‘
1943‘‘හෙළ ගී මියැසිය‘‘කියන සංගීත වැඩසටහන මගින් කුමාරතුංග මුණිදාස මහතා  දේශීය සංගීත සම්ප්‍රදායක් බිහි කරන්න ආරම්භ කළා. එහිදී එතුමා  රචනා කළ ගී කවි වලට  තනු නිර්මාණය කළේ මගේ තාත්ත.
කුමාරතුංග මුණිදාස මහතා දැඩි ලෙස විශ්වාස කළා  වයලීනය දේශීය වාද්‍ය භාණ්ඩයක් කියල.එතුමා එයට අපූරු වචනයක් දැම්ම  “වැයළුව“ කියල. වැයළුවෙන් වාදනය කොට ගැයිය හැකි ගීත “හෙළ ගී මියැසිය” ට ඇතුළත් කරන්න කියල මගෙ තාත්තට කිවුව. එතුමා ඒව ලියන පරක්කුවට  මගේ තාත්ත  ඒවා වැයළුවෙන් වාදනය කරල පෙන්නුවා.
ඒව මම මගෙ ඇස් දෙකෙන් දැක්ක. මුලදි මට ඒක මැජික් එකක් වගෙ පෙණුනත් ස්වර ඥාණය ලැබුනට පස්සෙ ඒක ඒ තරම්ම ගානක් ගියෙ නෑ.
මේ කාලෙ තමයි එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන් මට මුණ ගැහෙන්නෙ.

එම ඇඟෑළුම් කම දුර දිග යන්නේ ගුරු ගෝලයන් බවට පත්වීමෙන්. නමුත් මෙහිදී සරච්චන්ද්‍රයන්ගේ ගුරුවරයා වන්නේ ‘‘ජයන්ත අරවින්දයන්‘‘.
(අදනම් මෙහෙම ඉගෙන ගනීද අපේ අය තමන්ට වඩා බාල කෙනෙක්ගෙන්)
මෙලෙස සරච්චන්ද්‍රයන් අරවින්දයන් ගෙන් ඉගෙන ගනිද්දී කුමාරත්‍රංග මුණිදාසයන් අරවින්දයන් ගේ පියා වන වින්සන්ට් සෝමපාලයන් ගෙන් උගනියි.
මෙය හරි අපූරු ද්විත්ව සුසංයෝගයකි. කුඩා අරවින්දයන් ගේ මෙම හැකියාව හඳුනා ගන්නා සරච්චන්ද්‍රයන් වින්සන්ට් සෝමපාලයන්ට බල කර සිටින්නේ ඔහුව ගුවන් විදුලියට සම්බන්ධ කරන ලෙසයි. සරච්චන්ද්‍රයන් ගේ පෙරැත්තය නිසාම තමා ගේ ගුවන් විදුලි ගීත වැඩසටහනක වයලීන් වාදනය වින්සන්ට් සෝමපාලයන් තම පුතු කැටුව යන්නේ ඉන් අනතුරුවයි.
එහිදී ‘‘පොඩි ළමයා‘‘ යනුවෙන් ළමා වාදක ජයන්ත අරරවින්ද විරුදාවලි ලබන්නේ අන් සියලු වැඩිහිටි ශිල්පීන්ගේ ආදර කරුණාවට ද පාත්‍ර වෙමින්.
මේ කාලය අතරතුර තම පියා යටතේ හින්දුස්ථානී රාගධාරී සංගීතය හදාරන කුඩා අරවින්ද ඊට  සමගාමීව පාලි, සංස්කෘත භාෂා යනාදිය ප්‍රගුණ කළේය.
පාසල් අධ්‍යාපනය අවසන් කරන ජයන්ත අරවින්දයන් 1957 වර්ෂයේ දී ‘‘පේරාදෙනිය සරසවියට‘‘ ඇතුළත් වන්නේ ඉන් අනතුරුවයි.
මා කළින් සඳහන් කළ ගුරු ගෝල සම්බන්ධය කණපිට පෙරලී අරවින්දයන්ට, සරච්චන්ද්‍රයන් ගුරු වන්නේ මෙහිදීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ‘‘සිංහල අධ්‍යයන අංශයේ ‘‘ සිසුවකු බවට පත් වෙන අරවින්දයන් ගේ සහ සරච්චන්ද්‍රයන් ගේ ‘‘නාට්‍ය සංගීත සුසංයෝගය‘‘ ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි. එතැනින් ඇරඹුනු ස්වකීය නාට්‍ය සංගීත රචකයාගේ භූමිකාව 


 



පෙමතො ජායතී සොකො
රත්නාවලී
තවත් උදෑසනක්
 මනමේ
සිංහබාහු
මහාසාර
කදා වළලු






යන නාට්‍ය වල සංගීතය නිර්මාණය දක්වා විහිදී යන අපූරුව අති විශිෂ්ටය.
පේරාදෙනිය සරසවි අධ්‍යාපනයෙන් නොනැවතුනු අරවින්දයෝ

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් බුදු දහම පිළිබඳ ශාස්ත්‍රපති (M.A) උපාධියද

ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයෙන් 1968 දී සංගීත් විශාරද උපාධිය ද

1970 දී සංගීත් නිපුන් උපාධි ද 

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සෞන්දර්ය විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවද
පසු කාලීනව ‘‘ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ‘‘  විදුහල්පතිවරයෙක් ලෙස ද කටයුතු කළේය. එමෙන්ම ‘‘සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ‘‘ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේය.

 


මෙ වන විට කොළඹ හොරණ පාරේ, කැස්බෑව මදසන්ධියට ආසන්නව පිහිටා තිබෙන ‘‘ආවාස පාරෙ‘‘ පිහිටි නිවසෙහි, දරු මුණුපුරන්ට ද ආදරණීය සීයා කෙනෙක් වෙමින් විවේකී සුවයෙන් පසුවන එතුමා ප්‍රවීණ ගායන ශිල්පී ‘‘වරදත්ත අරවින්ද ගේ‘‘ ද පියානන්ය.

(මෙතුමා ගේ නාට්‍ය සංගීත නිර්මාණකරණය පිළිබඳ ඉදිරි ලිපි පෙළකින්  සාක්ජ්චා කිරීමට ද අපේක්ෂා කරමි.)